Delivery සහ Return කොන්දේසි
Delivery
- ශ්රී ලංකාව පුරා courier සේවාව මගින් ඔබ දෙන ලිපිනයට (නිවසට හෝ පන්සලට) භාණ්ඩ යවනවා.
- ලංකාවේ ඕනම තැනකට delivery ගාස්තුව: සිවුරු, වටාපත් වගේ පොඩි භාණ්ඩ රු 650, අටපිරිකර කට්ටල රු 950, මුතුකුඩ වගේ ලොකු භාණ්ඩ රු 1,650.
- භාණ්ඩ කිහිපයක් එකම ඇණවුමකින් ගත්තොත් ගෙවන්නේ එක delivery ගාස්තුවක් විතරයි (ඇණවුමේ ලොකුම භාණ්ඩයට අදාළ ගාස්තුව).
- ඇණවුම ලැබුණු පසු අපි දුරකථනයෙන් තහවුරු කරලා, යවන දිනය දැනුම් දෙනවා.
- පිංකමේ දිනයක් තියෙනවා නම් checkout එකේදී ඒ දිනය සඳහන් කරන්න. ඊට කලින් ලැබෙන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා.
- මාතර කඩෙන් කෙලින්ම ගන්නත් පුළුවන්.
ගෙවීම්
- Visa, Mastercard, American Express කාඩ්, Genie සහ eZ Cash (Genie Business ආරක්ෂිත ගෙවීම් පද්ධතිය හරහා).
- බැංකු තැන්පතු. මුදල් ලැබුණු පසු ඇණවුම යවනවා.
Return සහ Refund
- ලැබුණු භාණ්ඩයක හානියක් හෝ වැරදීමක් තියෙනවා නම්, ලැබුණු දින සිට දින 3ක් ඇතුළත ෆොටෝ එකක් සමඟ අපට දැනුම් දෙන්න.
- එවැනි අවස්ථාවක භාණ්ඩය මාරු කර දීම හෝ මුදල් ආපසු ලබා දීම කරනවා.
- පූජා කළ හෝ පාවිච්චි කළ භාණ්ඩ ආපසු ගන්නේ නැහැ.