අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාව පුරා නිවසට හෝ පන්සලටම delivery විදේශවල සිටත් ඇණවුම් කරන්න පුළුවන්
අමතන්න: 041 222 1956
චාලිස් සිල්වා අටපිරිකර CHARLIS SILVA ATAPIRIKARA · MATARA
පිංකම් උපදෙස්

විදේශයක ඉඳන් ලංකාවේ ගෙදරට හෝ පන්සලකට අටපිරිකර යවන්නේ කොහොමද?

විදේශයක ඉඳන් ලංකාවේ ගෙදරට හෝ පන්සලකට අටපිරිකර යවන්නේ කොහොමද?

රට ඉන්න ගොඩක් දරුවන්ට තියෙන දුකක් තමයි ගෙදර දානයකට, අම්මාගේ තාත්තාගේ පිංකමකට එන්න බැරි වෙන එක. දැන් ඔබට ලෝකයේ කොහේ හිටියත් phone එකෙන්ම පිරිකර තෝරලා, ගෙවලා, ලංකාවේ ගෙදරට හෝ ගමේ පන්සලටම යවන්න පුළුවන්.

පියවර 5කින් ඇණවුම් කරන විදිහ

  1. භාණ්ඩ තෝරන්න: සියලු භාණ්ඩ පිටුවෙන් අටපිරිකර, සිවුරු හෝ කඨින පිරිකර cart එකට දාන්න.
  2. ඔබේ විස්තර දාන්න: ඔබේ නම, email එක සහ WhatsApp අංකය. විදේශ අංකයක් වුණත් කමක් නැහැ.
  3. ලංකාවේ ලිපිනය දාන්න: “වෙනත් ලිපිනයකට යවන්නද” tick කරලා, ලැබෙන කෙනාගේ නම, ලංකාවේ ලිපිනය සහ phone අංකය දාන්න. පන්සලකට නම් පන්සලේ නම සහ භාර ගන්න කෙනාගේ අංකය දාන්න.
  4. පිංකම් දිනය සහ පූජා කාඩ්පත: දානයේ දිනය සහ කාඩ්පතේ ලියන්න ඕන නම දාන්න.
  5. ගෙවන්න: Visa, Mastercard හෝ American Express කාඩ් එකෙන් ආරක්ෂිතව ගෙවන්න.

විදේශ කාඩ් එකකින් ගෙවන්න පුළුවන්ද?

ඔව්. Genie Business ආරක්ෂිත ගෙවීම් පද්ධතිය හරහා විදේශ Visa, Mastercard සහ American Express කාඩ් වලින් ගෙවන්න පුළුවන්. මිල ගෙවන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්. ඔබේ බැංකුව ඒක ඔබේ රටේ මුදලට හරවනවා.

Delivery ගාස්තුව සහ කාලය

ලංකාවේ ඕනම තැනකට courier මගින් එවනවා. ගාස්තු Delivery කොන්දේසි පිටුවේ තියෙනවා. ඇණවුම ලැබුණාම ලංකාවේ ලැබෙන කෙනාට කතා කරලා යවන දිනය තහවුරු කරනවා.

විදේශවල ඉන්න අය වැඩිපුරම තෝරන දේවල්

ප්‍රශ්නයක් තියෙනවද?

වෙලා කලාප වෙනස් වුණත් WhatsApp එකෙන් message එකක් දාන්න. මොනවා පූජා කරන්නද, කීයක් ඕනද කියලා පරම්පරා තුනක අත්දැකීමෙන් අපි උපදෙස් දෙනවා. සම්බන්ධ වන්න.

පිංකමට ඕන දේ අපෙන් එක තැනකින්

1916 සිට මාතර චාලිස් සිල්වා අටපිරිකර. ශ්‍රී ලංකාව පුරා ඔබේ නිවසට හෝ පන්සලටම delivery.

භාණ්ඩ බලන්න

ජනප්‍රිය භාණ්ඩ

WhatsApp ඇණවුම