
සිවුරක් පූජා කරන්න කඩේට ආවාම ගොඩක් දෙනෙක් අහන්නේ “කපු එකද ටෙට්‍රෝන් එකද හොඳ?” කියලා. දෙකම පූජාවට සුදුසුයි. වෙනස තියෙන්නේ රෙද්දේ ගුණාංග වල. මෙන්න සරල සංසන්දනයක්.
තායි කපු සිවුර
තායි කපු සිවුර මහලා තියෙන්නේ කපු රෙද්දෙන්.
- සිසිල් සහ සැහැල්ලුයි. ලංකාවේ රස්නෙට ගොඩක් සුවපහසුයි.
- සම ස්පර්ශයට මෘදුයි, හොඳින් හුස්ම ගන්නවා.
- සෝදද්දී රැලි වැටෙන්න පුළුවන්.
තායි ටෙට්‍රෝන් සිවුර
තායි ටෙට්‍රෝන් සිවුර මහලා තියෙන්නේ ටෙට්‍රෝන් රෙද්දෙන්.
- ශක්තිමත් සහ කල් පවතිනවා.
- ඉක්මනට වේළෙනවා, රැලි අඩුයි.
- මිලෙන් අඩුයි. සිවුරු ගණනාවක් පූජා කරන්න ලේසියි.
සංසන්දනය
| තායි කපු | තායි ටෙට්‍රෝන් | |
|---|---|---|
| රස්නෙට සුවපහසුව | ඉතා හොඳයි | හොඳයි |
| වේළෙන වේගය | සාමාන්‍යයි | ඉක්මන් |
| රැලි වැටීම | වැඩියි | අඩුයි |
| මිල | වැඩියි | අඩුයි |
දෙවර්ගයම පෙට්ටියක් සමඟ ලස්සනට ලෑස්ති කරලා දෙනවා.
ඔබට ගැළපෙන්නේ මොකක්ද?
- එක් හිමිනමකට විශේෂ පූජාවක් නම්: තායි කපු සිවුර.
- දානයකට හිමිවරුන් ගණනාවකට නම්: තායි ටෙට්‍රෝන් සිවුරු, මිලෙන් ලේසියි.
- සම්පූර්ණ කට්ටලයක් ඕන නම්: සිවුරු ඇතුළත් අටපිරිකර කට්ටලයක් තෝරන්න.
තවමත් තීරණය කරගන්න අමාරු නම් WhatsApp කරන්න. පන්සලේ හිමිවරුන්ට ගැළපෙන්නේ මොකක්ද කියලා අපි උදව් කරන්නම්. සියලු සිවුරු බලන්න.
පිංකමට ඕන දේ අපෙන් එක තැනකින්
1916 සිට මාතර චාලිස් සිල්වා අටපිරිකර. ශ්‍රී ලංකාව පුරා ඔබේ නිවසට හෝ පන්සලටම delivery.