
අපෙන් සමුගත් ආදරණීයයෙක් සිහිකරලා දානයක් දෙන එක ගොඩක් පවුල් වලට හිතට සැනසීමක් ගේන පිංකමක්. ඒ වගේ වෙලාවක හිතේ තියෙන දුකත් එක්ක දානයේ හැම දෙයක්ම ලෑස්ති කරන එක අමාරුයි. පිරිකර ටික අපිට භාර දෙන්න. මෙතන තියෙන්නේ ඒකට සරල මඟ පෙන්වීමක්.
මතක දාන වර්ග
- හත් දවසේ දානය: මරණයෙන් හත්වෙනි දවසේ දෙන දානය.
- තුන් මාසේ දානය: මාස තුනක් ගත වුණාම දෙන දානය.
- අවුරුදු දානය: හැම අවුරුද්දකම සිහිකරලා දෙන දානය.
මේ හැම දානයකදීම දානයත් එක්ක පිරිකර පූජා කරලා, ඒ පින් මිය ගිය ඥාතියාට අනුමෝදන් කරන එක සිරිතක්.
පිරිකර කීයක් ගන්නද?
සාමාන්‍යයෙන් දානයට වඩින හිමිවරුන් ගණනට අනුව පිරිකර කට්ටල ගණන තීරණය කරනවා. හිමිවරුන් කී නමක් වඩිනවද කියලා පන්සලෙන් කලින්ම අහගන්න. හැම හිමිනමකටම එකම වර්ගයේ කට්ටලයක් දෙන්න කැමති නම් ඇණවුම් කරද්දී කියන්න, අපි එක වගේ ලෑස්ති කරලා දෙනවා.
මතක දානයකට ගැළපෙන පිරිකර
- අටපිරිකර කට්ටල: මතක දානයකට බහුලවම තෝරන පූජාව.
- සිවුරු: තනි සිවුරක් පූජා කරන්න කැමති නම්.
- වටාපත්: බණ කථාවක් සහිත දානයකට.
පූජා කාඩ්පතේ ලියන නම
atapirikara.com එකෙන් ඇණවුම් කරද්දී checkout එකේ “පූජා කාඩ්පතේ ලියන්න ඕන නම” කියන තැනට නම දාන්න. උදාහරණ:
- “අභාවප්‍රාප්ත ගුණසේකර මහතා සිහිකරමින්, පවුලේ සැමගෙන්”
- “ආදරණීය අම්මා වෙනුවෙන්, දරුවන්ගෙන්”
ඔබ ලියන විදිහටම කාඩ්පත සූදානම් කරලා පිරිකර එක්ක එවනවා.
විදේශයක ඉඳන් මතක දානයකට පිරිකර යවන්න
පිටරට ඉන්න දරුවන්ට ගෙදර දානයට එන්න බැරි වුණත් පිරිකර ටික online ඇණවුම් කරලා ලංකාවේ ගෙදරට හෝ පන්සලට යවන්න පුළුවන්. ඒ විදිහ මෙතන.
දානයේ දිනය කලින් කියන්න
ඇණවුම් කරද්දී checkout එකේ “පිංකමේ දිනය” දාන්න. ඊට කලින් ලැබෙන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා. හදිසි දානයක් නම් අපිට කතා කරන්න.
1916 සිට මාතර චාලිස් සිල්වා අටපිරිකර. ශ්‍රී ලංකාව පුරා ඔබේ නිවසට හෝ පන්සලටම delivery.